අගරදගුරු මැල්කම් රන්ජිත් හිමිපාණන්ට අපහාස කිරිම, ක්‍රිස්තියානි ආගමිකයන් ප්‍ර කෝපකාරි වන අන්දමින් ප්‍රකාශ නිකුත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද කොළම අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරි නාමල් කුමාර යන අය ලබන 15 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය අද නියෝග කළා.
සැකකරු ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව සහ දේශපාලන අයිතිවාසිම් පිළිබඳ සම්මුති පනතේ වගන්ති ප්‍රකාරව අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.
ප්‍රවීන රංගනවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමානයාක සහ සමාජක ක්රියාකිරි අකිල් නුවන් රාජපක්ෂ යන අයවළුන් සිදු කළ හඩ පටයක් සම්බ්නධයෙන් විමර්ශන සිදු කළ බවත් එම ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදී චමුදිත සමරවික්‍රම මහතා සමගේ යූ ටියුබ් චැනලය සමග සිදු කළ සංවාදයකින් පසුව මේ හඩපටය ප්‍රසිද්ධියට පත්ව ඇති බවත් කොළම අපරාධ කොට්ඨාසය අධීකරණයට දන්වා සිටියේය.
ඒ සම්බන්දයෙන් ඔවුන් ගෙන්වා ප්‍රකාශ ලබා ගත් බවත් කී පොලිසිය ආගමික කැළඹීමක් සිදු විය හැකි බැවින් සහ ඉන් සමාජ කැළඹීමක් සිදුවිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේය.
ජාතික කතෝලික සන්නිවේද අධ්යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කළ විමර්හණයකට අනුව නාමල් කුමාර අත්අඩංගුවට ගත් බවද පොලිසිය අධීකරණයට දන්වා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්හණ සිදු කර අධීකරණයට කරුණූ වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය කොළම අපරාධ කොට්ඨාසයට නියම කළාය.