නාරම්මල රිය අනතුරකින් දෙදෙනෙක් මරුට

​නාරම්මල පොලිස් වසමේ අද (12) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.​පොලීසිය සඳහන් කළේ, සොරොම්බාව දෙසට ගමන් කරමින් තිබූ ලොරියක රියදුරුට එහි පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක සහ බෝක්කුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.​ලොරිය පසුපසින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකුට වාහනය යටවීමෙන් බරපතල තුවාල සිදු වී ඇති අතර, ඔවුන් නාරම්මල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.​මියගිය අය වවුනියාව සහ නෙදුන්කේනි ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගේ වයස අවුරුදු 26 සහ 29 කි.​ලොරියේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, නාරම්මල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 787

Leave A Reply

Your email address will not be published. Required fields are marked *