WHO ප්‍රධානියා කොළඹට

​ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා, එම සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ 78 වන සැසිවාරයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීම සඳහා අද (12) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය.​ඔක්තෝබර් 13 සිට 15 දක්වා කොළඹ දී පැවැත්වෙන මෙම සමුළුවට අග්නිදිග ආසියානු කලාපයේ සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජිතයින් සහභාගී වීමට නියමිත අතර, එහිදී ප්‍රධාන මහජන සෞඛ්‍ය ප්‍රමුඛතා සහ කලාපීය සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,176

Leave A Reply

Your email address will not be published. Required fields are marked *