කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ නම සහ තත්වය අවභාවිත කරමින් මුදල් වංචා කිරීමට උත්සාහ කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වී තිබේ. නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පෙනී සිටිමින් ඇතැම් පුද්ගලයින් විසින් දුරකථන මාර්ගයෙන් මහජනතාව සම්බන්ධ කර ගනිමින් විවිධ අවශ්‍යතා සඳහා මුදල් ඉල්ලා සිටින බවත්, වෙනත් නීති විරෝධී ක්‍රියාවල නිරත වන බවත් පැමිණිලි ලැබී ඇත.මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එවැනි කිසිදු ඇමතුමකට හෝ පණිවිඩයකට රැවටී මුදල් ලබාදීමෙන් හෝ පුද්ගලික තොරතුරු සහ ලේඛන හුවමාරු කර ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටී. රජයේ ප්‍රබල ධුර දරන නියෝජ්‍ය අමාත්‍යවරුන් කිසිවිටෙකත් පුද්ගලික දුරකථන ඇමතුම් හරහා මුදල් ඉල්ලීම් සිදු නොකරන බව මෙහිදී මතක් කර දෙනු ලැබේ.යම් හෙයකින් එවැනි සැක සහිත ඇමතුමක් හෝ පණිවිඩයක් ඔබට ලැබුණහොත්, කිසිදු විටෙක ඊට ප්‍රතිචාර නොදක්වා වහාම ආසන්නතම පොලිස් ස්ථානය වෙත හෝ අදාළ බලධාරීන් වෙත දැනුවත් කිරීමට කටයුතු කරන්න. අනවශ්‍ය මූල්‍ය අලාභයන්ගෙන් සහ වංචාවලින් ආරක්ෂා වීම සඳහා මේ පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙසත්, මෙම පණිවිඩය අනෙක් අයවත් දැනුවත් කිරීම සඳහා බෙදාහරින ලෙසත් ඉල්ලා සිටිමු.



























