දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම්වලදී නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ඖෂධ අලෙවිසැල් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන රුපියල් 2,269,500ක දඩ මුදලක් අය කරගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ අධිකාරිය මගින් විශේෂ ඖෂධ අලෙවිසැල් වැටලීම් 471ක් සිදුකර ඇති අතර, ඉන් අධිකරණය හමුවේ පවරන ලද නඩුවලට මෙම දඩ නියම වී ඇත.එසේම ජනවාරි 01 සිට ජූනි 30 දක්වා කාල සීමාව තුළ පමණක් දිවයින පුරා පිහිටි ඖෂධ හල් 362ක් සම්බන්ධයෙන් පරීක්ෂණ සහ වැටලීම් ක්‍රියාත්මක කර තිබේ. පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ අලෙවිය වැළැක්වීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.මෙම වැඩසටහනට සමගාමීව පසුගිය 03 සහ 04 යන දෙදින තුළ ක්‍රියාත්මක වූ විශේෂ විමර්ශනයකදී ඖෂධ අලෙවිසැල් 109ක් නිරීක්ෂණය කර ඇති අතර, එහිදී සොයාගත් අක්‍රමිකතා මත පදනම්ව වැටලීම් 86ක් සිදු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර ඇත.



























