දෙමටගොඩ, කුප්පියාවත්ත ප්‍රදේශයේදී ඉකුත් ජූලි 23 වැනිදා සිදු වූ මනුෂ්‍ය ඝාතන තැත් කිරීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට බොරැල්ල පොලිසිය සමත්ව ඇත. ලද තොරතුරකට අනුව ඉකුත් 05 වැනිදා ලේක්ඩ්‍රයිව් ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම 23 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ වන විටත් ඔහු සතුව තිබූ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 900ක් පොලිස් භාරයට ගෙන තිබේ.පොලිසිය විසින් සිදුකරන ලද මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ, අදාළ වෙඩි තැබීමේ අපරාධය සිදු කිරීම සඳහා වෙඩික්කරු රැගෙන ගිය යතුරුපැදිය පදවා ඇත්තේ මෙම සැකකරු විසින් බවයි. බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතී.මේ අතර, අදාළ වැටලීමේදීම සැකකරු සමඟ සිටි බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි තවත් තරුණයෙකු ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මෙම දෙවන පුද්ගලයා කුප්පියාවත්ත වෙඩි තැබීමේ සිදුවීමට යම් ආකාරයකින් ආධාර අනුබල දී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



























