මෙරට නීත්‍යානුකූල බලපත්‍ර ලබාගැනීමකින් තොරව පවත්වාගෙන ගිය අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි 24කට ශ්‍රී ලංකාව තුළින් පිවිසීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය කළ දැනුම්දීමකට අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විදුලි සංදේශ නියාමන කොමිසම මෙම පියවර ගෙන තිබේ.2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතට අනුව නිසි බලපත්‍රයක් නොමැතිව මෙවැනි සේවාවන් පැවැත්වීම සහ ප්‍රවර්ධනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ අනුව අදාළ නීතිවිරෝධී වෙබ් අඩවි වෙත මෙරට පරිශීලකයන් පිවිසීම වැළැක්වීම සඳහා අවශ්‍ය තාක්ෂණික පියවර ගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම අන්තර්ජාල හා විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත නියෝග කර ඇත.



























