අක්රිය වී ඇති නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් එක් ජනන යන්ත්රයක් හෙට පස්වරුව වන විට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට අවශ්ය සැපයුම් කටයුතු සිදු කරමින් පවතින බව එහි විදුලි ඉංජිනේරුවෝ පවසති. පසුගිය සෙනසුරාදා ඇති වූ හදිසි බිඳවැටීමකින් බලාගාරයේ යන්ත්ර තුනම ක්රියා විරහිත වීම හේතුවෙන් මෙගාවොට් 810ක ධාරිතාවක් පද්ධතියට අහිමි විය.පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව දින තුනක් පුරා පස්වරු 4.30 සිට රාත්රී 8.30 දක්වා කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් ක්රියාත්මක කෙරිණි. කෙසේ වෙතත්, හෙට දිනයේ අදාළ ජනන යන්ත්රය පද්ධතියට සම්බන්ධ කර ගැනීමට හැකි වුවහොත් ඉදිරියේදී විදුලි කප්පාදුවක් අවශ්ය නොවන බව ජාතික පද්ධති ක්රියාකරු සමාගම දැනුම් දී ඇත.බලශක්ති අමාත්යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ හෙටින් පසු විදුලි කප්පාදුව දීර්ඝ කිරීම සඳහා මේ දක්වා කිසිදු ඉල්ලීමක් ලැබී නැති බවයි. තත්ත්වය තවදුරටත් සමාලෝචනය කිරීම සඳහා අදාළ බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ද අද දින පැවැත්වීමට නියමිතව තිබේ.



























