ප්‍රදේශ කිහිපයකට මි.මී100 ඉක්ම වූ තද වැසි

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත. විශේෂයෙන්ම සබරගමුව පළාත මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැක. මීට අමතරව, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් වාර්තා විය හැකි අතර, මුලතිව් දිස්ත්‍රික්කයේ පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.​උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර ප්‍රදේශයේ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.​ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,267

Leave A Reply

Your email address will not be published. Required fields are marked *