අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (6) පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා පැය පහක කාලයක් පූජාපිටිය ජල සම්පාදන යෝජනා ක්‍රමයට අයත් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.මේ අනුව, මැදවල පැරණි සේවා ජලාශයට අයත් කැවුම්කොහේපාර, ගෝනිගොඩ, ජයන්තිපාර, ගුරුකැවේ, තල්කුඹුර, ඉඩමේගම, අරඹේගමස, ගොරොක්ගස්අංගපාර, එලමල්පත, කොටුතැන්න, පෙතියාගොඩවත්ත, කළුවාන, බෝතොට, හරන්කහතැන්න, දොඩම්තැන්න, කුඹුරේගෙදර, දෙඹරලොව, තිබ්බුට්ට සහ තලපැලැල්ගොඩ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම විසන්ධි කෙරේ.ඊට අමතරව, මැදවල නව සේවා ජලාශයට අයත් බටුගොඩ, දිද්දෙණිය, ඕවිස්ස, වටගොඩ, දොඹගම්මන, හෑදෙනිය, සූරියකුඹුර, අඹරුප්ප, හරන්කහව, බොක්කාවල, වලතැන්න යන ප්‍රදේශවලටත්; මාවතගම සේවා ජලාශය යටතේ ඇති මාවතගම, බරන්දනපාර, රඹුක්කනපාර, පරගහදෙණිය, යටිවිල්ල, මිල්ලව සහ පිලැස්ස යන ප්‍රදේශවලටත් සඳහන් කළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.



























