පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීමේ ඔන්ලයින් ක්‍රමවේදය යථා තත්ත්වයට

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව ඇණහිට තිබූ පොලිස් නිෂ්කාශන සහතික (Police Clearance Certificates) නිකුත් කිරීමේ ඔන්ලයින් මාර්ගගත අයදුම්පත් පද්ධතිය යථා තත්ත්වයට පත් කර ඇති බව ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. මීට පෙර පද්ධතියේ ඇති වූ බිඳවැටීමක් නිසා ජනතාවට අදාළ වාර්තා ලබා ගැනීමට අපහසුතා මතුව තිබිණි.​දැන් එම ගැටළුව සම්පූර්ණයෙන්ම විසඳී ඇති බැවින්, අයදුම්කරුවන්ට යළිත් සුපුරුදු පරිදි මාර්ගගත ක්‍රමවේදය හරහා තම අයදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිසෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,382

Leave A Reply

Your email address will not be published. Required fields are marked *