ආසියානු රග්බි තරගාවලියේ පළමු ජය ශ්‍රී ලංකාවට

කොළඹ තුරඟ තරග පිටියේදී ආරම්භ වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ (Asia Rugby Emirates Sevens Series) දෙවන අදියරේ පළමු තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.​මෙහිදී ලකුණු 21-17 ක් ලෙස ඉතා තියුණු සටනකින් පසු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූ අතර, අද දිනයේදී ඔවුන් හොංකොං සහ ඉන්දියානු කණ්ඩායම් සමඟද තරග වැදීමට නියමිතය.​සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළු ප්‍රමුඛ පෙළේ ආසියානු කණ්ඩායම් රැසක් සහභාගී වන මෙම තරගාවලියේ පිරිමි සහ කාන්තා අංශ දෙකෙහිම කණ්ඩායම් සංඛ්‍යාව 12 දක්වා ඉහළ නංවා තිබීම විශේෂත්වයකි.

What's your reaction?

Related Posts

1 of 1,398

Leave A Reply

Your email address will not be published. Required fields are marked *