පොළොන්නරුව වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයි ගෑස් සපයන නල මාර්ගයේ අද (26) අලුයම හටගත් හදිසි පිපිරීමකින් බරපතල තුවාල ලැබූ සෞඛ්‍ය කාර්ය සහායකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරින් තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, පිපිරීමේ බලපෑමෙන් රෝහල් මුළුතැන්ගෙයි ගොඩනැගිල්ලට ද දැඩි අලාභහානි සිදුව ඇත.



























