බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සිදු කරන වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව සහ මාර්ගගත (Online) පද්ධතිය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් 23 මධ්‍යම රාත්‍රිය දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය තාක්ෂණික යාවත්කාලීන කිරීමක් මීට හේතු වී ඇත.මෙම දින පහක කාලය තුළ බලපත්‍ර අලුත් කිරීමට නියමිතව තිබූ වාහන හිමියන්ට සිදුවන අපහසුතාව මඟහරවා ගැනීම සඳහා බලධාරීන් විශේෂ සහන කාලයක් ලබා දී තිබේ. ඒ අනුව, අදාළ කාල සීමාව තුළ කල් ඉකුත් වන බලපත්‍ර සඳහා කිසිදු දඩ මුදලක් අය කිරීමකින් තොරව නොවැම්බර් 25 වැනිදා සිට 27 වැනිදා දක්වා ආදායම් බලපත්‍ර ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත. මෙම තාක්ෂණික වැඩිදියුණු කිරීම්වලින් පසු වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට හැකි වනු ඇතැයි දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.



























