බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවදානමක්

​ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය ලබන 16 වැනිදා වන විට සුළි කුණාටුවක් බවට වර්ධනය වීමේ දැඩි අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.​මෙම පද්ධතිය අද (15) වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර, ඒ හේතුවෙන් උතුරු, නැගෙනහිර සහ බස්නාහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි සහ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කෙරේ.​කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල නාවික හා ධීවර කටයුතුවලින් වැළකී සිටින ලෙසත්, මුහුදු ප්‍රදේශවල සිටින පිරිස් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසත් කාලගුණ අංශ දැඩි ලෙස දැනුම් දී ඇත.​අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ උදෑසන කාලයේදී ඇතැම් ප්‍රදේශවල මීදුම් සහිත ස්වභාවයක්ද අපේක්ෂා කළ හැකිය.

What's your reaction?

Related Posts

1 of 1,423

Leave A Reply

Your email address will not be published. Required fields are marked *