මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස විශ්‍රාමික ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා පත්කර තිබේ. ඒ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද සිය ධුරයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.වෛද්‍ය ප්‍රනාන්දු මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත්කරණ විශේෂඥයෙකු ලෙස විදේශ රටවල් රැසක සේවය කර ඇති අතර, මහනුවර දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍යවරයා ලෙස ද දීර්ඝ කාලයක් කටයුතු කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සැලකිය යුතු මෙහෙවරක් ඉටුකර ඇති ජ්‍යෙෂ්ඨ වෘත්තිකයෙකි.



























