මීදුම නිසා කටුනායක ගුවන් ගමන් මත්තලට

කටුනායක ප්‍රදේශයේ අඩු දෘශ්‍යතාව හේතුවෙන්, මුම්බායි, රියාද් සහ ගුවාංෂු නගරවලින් පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා තුනක් අද උදෑසන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (MRIA) වෙත ආරක්ෂිතව හරවා යවා ඇත. ගුවන් තොටුපළ නිලධාරීන් පැවසුවේ, උදෑසන අධික මීදුම් තට්ටුවක් හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) දෘශ්‍යතාව අඩු වී ඇති බවත්, ආරක්ෂක පියවරක් ලෙස ගුවන් ගමනාගමන පාලකවරුන් තාවකාලිකව ගොඩබෑම සීමා කිරීමට පියවර ගත් බවත්ය.

What's your reaction?

Related Posts

1 of 1,301

Leave A Reply

Your email address will not be published. Required fields are marked *