මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයේ මේ විට වර්ෂ හතරකට අදාළ වෛද්‍ය සිසුන් 400 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු වල නිරත වන අතර එහි සිව්වන වසරේ අධ්‍යයන කටයුතු සිදුකරන වෛද්‍ය සිසුන් මේ වසර මැද භාගයේ දී අනිවාර්යෙන්ම මහාචාර්ය පුහුණුව සදහා යොමුකල යුතු බව අනාවරණය වී ඇතත් ඒ සදහා මෙතෙක් නිශ්චිත සැළසුම් සම්පූර්ණ නොවීම ගැටළුවක්ව පැවතුණි.මේ පිළිබදව දැනුවත්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම, මහා භාණ්ඩාගාරය, මොරටුව විශ්ව විද්‍යාලය සහ මෙයට සම්බන්ධ සෙසු ආයතන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හදිසි සාකච්ඡාවක් කැදවු අතර එම සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව ලබාදීම සදහා කලුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළ මහාචාර්ය ඒකයක් ස්ථාපිත කිරීමටත්, ඊට අවශ්‍ය සංවර්ධන කටයුතු රෝහල තුළ සහ කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය කේන්ද්‍රකර ගනිමින් සිදුකිරීමටත් තීරණය කරන ලදී.ඒ අනූව එම වෛද්‍ය සිසුන්ට අවශ්‍ය පුහුණවීම් විධිමත් අයුරින් ලබාදීමට කලුතර ප්‍රධාන කේන්ද්‍රස්ථාන ද්විත්වය වන කලුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ සහ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ වත්මන් තත්ත්වයත්, මානව හා භෞතික සම්පත් අවශ්‍යතා පිළිබදවත්, පවතින අනෙකුත් ගැටලු පිළිබදවත් සොයා බලා එයට සාධනීය විසදුම් ලබා දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.මෙම නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍යවරයා අවශයතාවයන්ට යෝග්‍ය පරිදි භෞතික හා මානව සම්පත් වර්ධනය කිරීමේ පියවරයන්, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ප්‍රවාහන,නේවාසික හා අනෙකුත් අවශ්‍යතා සංවර්ධනය කිරීම පිළිබදව දැඩි අවධානය යොමු කරමින් අවශ්‍ය පියවර ගැනීම සදහා නිලධාරීන්ට උපදෙස් ලබා දීමද සිදු කරනු ලැබීය.මීට අමතරව වෛද්‍ය සිසුන්ට අවශ්‍ය දැනුම වර්ධනය කර ගැනීමේ අරමුණින් කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය තුළ ස්ථාපිත කර ඇති පුස්තකාලය ඩිජිටල්කරණය කිරීමටත්, දැනුම වර්ධනය කර ගැනීම සදහා විදේශ රවල්වල ඇති පුස්තකාල හා මෙම පුස්තකාලය අන්තර්ජාලය අනුසාරයෙන් සම්බන්ධ කිරිමට පියවර ගන්නා ලෙසත්, දුරස්ථ අධ්‍යපන ඒ්කකයද වර්ථමානයට සරිලන පරිදි නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් පුහුණු කාලය තුළදී සිසුන්ට මෙන්ම වෘත්තිකයන්ට උපරිම දැනුමක් ලබා ගැනීමට හැකිවන පරිදි සංවර්ධනය කිරීමට අවශ්‍ය ඉදිරි පියවරයන් ගන්නා ලෙසටත් කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය තමර කලුබෝවිල මහතා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම සෞඛ්‍ය සේවාවේ අනෙකුත් වෘත්තීන් වලට අයත් සෞඛ්‍ය වෘත්තීකයන්ද පුහුණුකරන මෙරට ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානයක් වන නාගොඩ සෞඛ්‍ය විද්‍යායතනය සියලු දෙනාටම ගුණාත්මක පුහුණුවක් ලබාදීමට අවශ්‍ය මානව හා භෞතික සම්පත් සංවර්ධනයේ වැදගත්කමද මෙහිදී පෙන්වා දෙන ලදී . කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය තුළින් වසරකට සෞඛ්‍ය වෘත්තියන් 1000 කට අධික පිරිසක් පුහුණුකර මෙරට සෞඛ්‍ය සේවාවට එක් කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයන්, සැළසුම් කඩිනමින් සකස් කරන ලෙසටද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. මෙහිදී කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය තුළ ක්‍රියාත්මක සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සියල්ලද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.මෙම නිරීක්ෂන අවස්ථාවට කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය නයනජිත් කොමසාරු, පරිපාලන නිලධාරී චමින්ද ලියනගේ යන මහත්වරුන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියන්, ඇතුලු සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසක් සහභාගි වූ