යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට ජනාධිපති අරමුදලෙන් නොමිලේ ඇස් කණ්ණාඩි

ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරනු ලබන නව ජනතා හිතවාදී වැඩසටහනක් යටතේ, යාපනය විශ්වවිද්‍යාලයේ ඇස් කණ්ණාඩි අවශ්‍යතාව ඇති සිසුන් තෝරා ගැනීම සහ පරීක්ෂා කිරීමේ වැඩසටහනක් පසුගියදා (14) සාර්ථකව පවත්වා තිබේ. එක්සත් රාජධානියේ Stroud Rotary Club සහ Wish පදනම මඟින් මෙම වැඩසටහන සඳහා මූල්‍ය හා තාක්ෂණික අනුග්‍රාහකත්වය සපයනු ලබයි.​මෙම විශේෂ වැඩසටහන යටතේ සිසු සිසුවියන් 800කට අධික පිරිසක් මුලින්ම ඇස් පරීක්ෂාව සඳහා සහභාගී වී ඇති අතර, ඉන් ඇස් කණ්ණාඩි අත්‍යවශ්‍ය බවට වෛද්‍යවරුන් විසින් තහවුරු කරන ලද සිසුන් 526 දෙනෙකු සඳහා ඉදිරි මාසයක් ඇතුළත සම්පූර්ණයෙන්ම නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමට නියමිතය.​මෙම අවස්ථාව සඳහා ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රතීපන් සහ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටී.වෙල්නම්පි යන මහත්වරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසුන් විශාල පිරිසක් එක්ව සිටියහ. මීට පෙර රජරට සහ රුහුණ විශ්වවිද්‍යාලවලද මෙම වැඩසටහනේ මුල් අදියරයන් ක්‍රියාත්මක කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,424

Leave A Reply

Your email address will not be published. Required fields are marked *