රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨය සඳහා නවීන පහසුකම්වලින් සමන්විත දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දින නිල වශයෙන් විවෘත කරන ලදී. 2019 වසරේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2,808ක මුදලක් වැය කර තිබේ.මෙම නව වාට්ටු සංකීර්ණය තුළ වෛද්‍ය, ශල්‍ය, මනෝචිකිත්සක සහ නාරිවේද වාට්ටු සඳහා ඇඳන් 300ක ධාරිතාවක්, ඇඳන් 8ක දැඩි සත්කාර ඒකකයක්, නවීන ශල්‍යාගාර 3ක් සහ බාහිර රෝගී සායන කාමර 8ක් අන්තර්ගත වේ. මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය නංවාලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්රයට බිලියන 710ක් වෙන් කර ඇති බවත්, ඉදිරි වසර තුන තුළ නව වෛද්‍යවරුන් 7,000ක අනුමැතියක් ලබා ගැනීමට සහ නව රෝහල් සංවර්ධන කටයුතු රැසක් සාර්ථක කර ගැනීමට අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළේය.



























