යෝෂිත රාජපක්ෂගේ විදේශගමන් අවසර ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ

විදේශයක පැවැත්වෙන ව්‍යාපාරික සමුළුවකට සහභාගී වීම සඳහා විදෙස්ගත වීමට අවසර ඉල්ලමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ඉල්ලීමට අදාළව නියෝගයක් නිකුත් කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත. සැකකරුට එරෙහිව දැනටමත් අධිචෝදනා ගොනුකර ඇති බැවින්, ඒ පිළිබඳ සුදුසු නියෝගයක් මහාධිකරණයෙන් ලබාගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම් දුන්නේය.​2006 වසරේදී අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබියදීත් යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගැනීම සහ රජයේ මුදල් වැය කරමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා විද්‍යාලයේ පුහුණුව සඳහා යැවීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව දූෂණ චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම චෝදනා ගොනුකර ඇත.​නොතිසි ලැබුණු පසු කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුවන්ට නියෝග කර ඇති අතර, එමඟින් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති මෙම නඩු කටයුතු අවසන් විය.

What's your reaction?

Related Posts

1 of 1,271

Leave A Reply

Your email address will not be published. Required fields are marked *