රුපියල් හාර කෝටි තිස් අට ලක්ෂ හතළිස් දහසක් පමණ වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු මාතලේ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාර්මික ශිල්පියෙකි.තායිලන්තයෙන් මිලදී ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර හරහා මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 179 දරන යානයෙන් අද (16) අලුයම 12.00ට කටුනායක වෙත රැගෙන විත් ඇත. සැකකරුගේ ගමන් මලු දෙකක තිබූ විදේශීය මත්පැන් බෝතල් අසුරන පෙට්ටි දෙකක් තුළ පැකට් පහක අසුරා තිබූ කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 384ක් බරැති මෙම මත්ද්‍රව්‍ය තොගය රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් සොයාගනු ලැබීය.අත්අඩංගුවට ගත් ගුවන් මගියා සහ අදාළ ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.



























