2031 වසර දක්වා පැවැත්වෙන ජගත් ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ලෝක ටෙස්ට් ශූරතාවලිය සඳහා පෙර පරිදිම කණ්ඩායම් නවයක් පමණක් සහභාගී කරවා ගැනීමට නියමිත බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව 2027-29 සහ 2029-31 තරගාවලි සඳහා ද ඇෆ්ගනිස්ථානය, සිම්බාබ්වේ සහ අයර්ලන්තය යන කණ්ඩායම් ඇතුළත් නොවනු ඇත.ICC පූර්ණ සාමාජිකත්වය හිමි මෙම කණ්ඩායම් තුන ද ඇතුළත් කර ගනිමින් තරගාවලිය ලීග් දෙකක් යටතේ පැවැත්වීම පිළිබඳව මෑත කාලයේදී පුළුල් සාකච්ඡා පැවැත්විණි. ඒ සඳහා වන යෝජනාව ICC ක්‍රියාකාරී කමිටු ප්‍රධානී නවසීලන්තයේ රොජර් ට්වෝස් මහතා විසින් ඉදිරිපත් කර තිබුණද, තරගාවලියේ වත්මන් ආකෘතිය තවදුරටත් එලෙසම පවත්වාගෙන යාමට තීරණය වී තිබේ.



























