ජනතාවට වඩාත් පහසුවෙන් සහන මිලට භාණ්ඩ ලබා දීමේ අරමුණින් ලංකා ස.තො.ස. නව ශාඛා හතරක් ඊයේ (17) දිනයේදී විවෘත කෙරිණි. ඒ අනුව ගම්පහ, වටවල, දික්ඔය සහ රිදීගම යන ප්‍රදේශවල මෙම නව අලෙවිසැල් ජනතා අයිතියට පත් කර තිබේ.ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කළ නව ශාඛාව විවෘත කිරීම වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මෙම අවස්ථාවට ගම්පහ නගරාධිපතිවරයා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, අතිරේක දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක්ද එක්ව සිටියහ.



























