විගණකාධිපතිවරියගේ වැටුපට හර්ෂගේ සභාපතිත්වයෙන් යුත් මුදල් කාරක සභාවේ අනුමැතිය

විගණකාධිපතිවරියගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ඊට අදාළ අනුමැතිය ලබාදීමට පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අගෝස්තු 04 වනදා රැස්වූ මෙම කාරක සභා වාරයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(2) ව්‍යවස්ථාවට අනුව මෙම තීරණයට එළඹ ඇත.​ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 වන ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයා සාමාන්‍ය රාජ්‍ය සේවකයකු නොවන බැවින්, සාමාන්‍ය රාජ්‍ය වැටුප් රාමුවෙන් බැහැරව විශේෂ අවධානයක් යොමු කිරීමට කාරක සභාව තීරණය කර තිබේ. රාජ්‍ය මූල්‍ය පාලනයේදී මෙම තනතුරට හිමි ස්වාධීනත්වය සහ වගකීමේ බරපතලකම සලකා බලා මෙම පියවර ගෙන ඇත.​අදාළ වැටුප අනුමත කළ ද, එම ධුරයේ කාර්යභාරයට අනුව වැටුප් මට්ටම මීටත් වඩා ඉහළ අගයක පැවතිය යුතු බව හර්ෂ ද සිල්වා මහතා ඇතුළු මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ. එමෙන්ම ඉදිරියේදී ස්ථිර සහ ස්වාධීන වැටුප් කොමිෂන් සභාවක් පිහිටුවීමේ අවශ්‍යතාව ද කාරක සභා සභාපතිවරයා විසින් අවධාරණය කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,274

Leave A Reply

Your email address will not be published. Required fields are marked *