වේග සීමා උල්ලංඝනය කිරීම් ඇතුළු රථවාහන වැරදි සිදුව ඇති බව පවසමින් ශ්‍රී ලංකා පොලිසියේ නමින් ව්‍යාජ කෙටි පණිවිඩ (Phishing scams) යොමු කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බව අධිවේගී මාර්ග කොට්ඨාසයේ අන්තර් හුවමාරු ඒකකය සඳහන් කරයි.මෙලෙස ජනතාව නොමඟ යවන සුළු සයිබර් තර්ජනවලින් සහ මූල්‍ය වංචාවලින් ආරක්ෂා වීම සඳහා නාඳුනන සබැඳි (links) වෙත පිවිසීමෙන් වළකින ලෙස ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම කිසිදු අවස්ථාවක පෞද්ගලික තොරතුරු, බැංකු ගිණුම් විස්තර හෝ මුරපද (passwords) අන්තර්ජාලය හරහා ලබා නොදෙන ලෙසත්, දඩ මුදල් ගෙවීම් සම්බන්ධයෙන් තොරතුරු නිල මාර්ගවලින් පමණක් තහවුරු කරගන්නා ලෙසත් උපදෙස් දෙනු ලැබේ.යම් හෙයකින් මෙවැනි සැකකටයුතු පණිවිඩයක් ලැබුණහොත් ඒ පිළිබඳව වහාම සයිබර් අපරාධ විමර්ශන අංශ හෝ අදාළ ආරක්ෂක බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස වැඩිදුරටත් දැනුම් දෙයි.



























