ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සම්ප්රේෂණ පද්ධතිය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇති බව බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා පවසයි. බිඳවැටීමට ලක්ව තිබූ පද්ධතිය යළි සක්රිය කිරීම සඳහා අදාළ අංශ විසින් අඛණ්ඩව කටයුතු කරනු ලැබීය.එසේම, රට පුරා පිහිටි විදුලි බෙදාහැරීමේ ජාලයෙන් සියයට 80ක පමණ ප්රමාණයක වැඩකටයුතු ද මේ වන විට යථා තත්ත්වයට පත්කර අවසන් බව අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඉතිරි ප්රදේශ සඳහා ද හැකි ඉක්මනින් විදුලිය ලබාදීමට පියවර ගනිමින් සිටී.



























