අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නොවැම්බර් මස 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට අභියාචනාධිකරණය විසින් යළිත් නොතීසි නිකුත් කර තිබේ.හිටපු අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම තීරණය ගෙන ඇත.මෙම නඩුවට අදාළව මීට පෙරද ඔහුට නොතීසි නිකුත් කර තිබුණද, නියමිත දිනයේදී ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස නැවත නොතීසි නිකුත් කිරීමට නියෝග කෙරිණි.



























