විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද සංකේත වැඩවර්ජනයක

2027 අයවැය මගින් තම ගැටලුවලට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් දිවයින පුරා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද (18) එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙන බැවින් රුහුණු විශ්වවිද්‍යාලය මෙම වර්ජනයෙන් නිදහස් කර ඇති අතර, සෙසු සියලුම විශ්වවිද්‍යාලවල සේවකයින් විශ්වවිද්‍යාල ඉදිරිපිට සහ කොළඹදී විරෝධතාවල නිරත වේ.​පසුගිය අයවැය මෙන්ම මෙවර අයවැයෙන්ද විශ්වවිද්‍යාල පද්ධතියට අසාධාරණයක් සිදුව ඇති බවත්, අග්‍රාමාත්‍යවරිය සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවල එකඟතා කඩ වී ඇති බවත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පවසයි. වසර දෙකක සිට ජනාධිපතිවරයා දැනුවත් කළද සාධාරණ විසඳුමක් නොලැබුණු බව පෙන්වා දෙන වෘත්තීය සමිති, බලධාරීන් වහාම මැදිහත් නොවුණහොත් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු තවදුරටත් අඩාල විය හැකි බවට අනතුරු අඟවයි.

What's your reaction?

Related Posts

1 of 1,428

Leave A Reply

Your email address will not be published. Required fields are marked *