වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සල් 15,000කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වෙයි

එළඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පවත්වනු ලබන දන්සල් 15,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කරන්නේ දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බැවින් මෙම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.​කෙසේ වුවද, මේ දිනවල රටේ විවිධ ප්‍රදේශවලින් බෝවන රෝග කිහිපයක් වාර්තා වන බැවින්, දන්සල් සංවිධායකයින් මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරයි. ඒ අනුව මහජනතාවට ලබා දෙන ආහාර පාන පිළියෙළ කිරීමේදී සහ ඒවා බෙදා හැරීමේදී උපරිම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට පියවර ගන්නා ලෙස ඔවුන් දන්සල් කර්තෘ මණ්ඩලවලින් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,162

Leave A Reply

Your email address will not be published. Required fields are marked *