ෂෙල් සන්නාමය දරන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉන්ධන පිරවුම්හල අඹතලේ බී. එස්. කුරේ පිරවුම්හලේ දී විවෘත වන ලදී. ඒ, ෂෙල් බ්‍රෑන්ඩ්ස් ඉන්ටනැෂනල් AG (ෂෙල්) සහ සීමාසහිත RM පාර්ක්ස් පුද්ගලික සමාගම සහ ෂෙල් සහ RM පාක්ස් සමාගම් වලට අනුබද්ධිත සමාගම් අතර සිල්ලර වෙළඳ සන්නාමය සඳහා බලපත්‍රය ලබා ගැනීමේ එකඟතා ලියවිල්ලට අත්සන් තැබීමෙන් අනතුරුවයි.
ට්‍රයිස්ටාර් සමූහ ව්‍යාපාරයේ හවුල්කාර සමාගමක් වන සීමා සහිත RM පාර්ක්ස් පුද්ගලික සමාගම, ඉන්ධන සහ ගැස් ක්ෂේත්‍රයන්ට ඉන්ධන සපයන්නා වූ සම්පූර්ණයෙන් ඒකාබද්ධ ව්‍යාපාරයක් වන අතර, සහ RM Parks Inc. සමාගම උතුරු ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳ පොළට ෂෙල් ඉන්ධන බෙදා හැරීමේ පළපුරුද්දලත් සමාගමකි.
ආර්. එම්. පාක්ස් (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ෂෙල් ලෙස නැවත සන්නාම කරණය කරනු ඇත. මෙය 2023 දී ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් හා බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භක වසර 20ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට ලබා දුන් කොන්ත්‍රාත්තුවකි.
ට්‍රයිස්ටාර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි (CEO), යුජින් මෙන් මහත්මිය පවසන්නේ, “මෙම උපායමාර්ගික භවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ බල ශක්ති අංශයේ ඉදිරි ගමනට වැදගත් ගුණාංගයක් එක් කරයි. එය RM Parks ආයතනයේ ඉන්ධන බෙදා හැරීම් සහ ට්‍රයිස්ටාර් සමුහයේ ශක්තිමත් ලොජිස්ටික් හා සැපයුම් දාම ක්‍රියාකාරිත්වයන් එකට එක් කරයි. මෙම හවුල්කාරිත්වය ඉලක්ක කරන්නේ හොඳම ජාත්‍යන්තර ක්‍රමවේද, උසස් සේවා ප්‍රමිතීන්, සහ නවෝත්පාදන ඉන්ධන විසඳුම් ශ්‍රී ලංකා භාවිතා කරන්නන්ට ප්‍රයෝජනයක් වන ලෙස ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හැරීම බිම් කථනය වර්ධනය කිරීමයි. “
ආර්.එම්. පාර්ක්ස් ඉන්ක් හි සභාපති, ජේසන් කැලියන් මහතා පැවසුවේ, “අපි ශ්‍රී ලංකාවේ අපගේ පළමු සෙල් සන්නාමය ලබා ඇති පිරවුම්හල විවෘත කරමින් සිටින අද දිනය අනත පියවරක් ඉදිරියට තබන දිනයක් වනවා. සියවසකට වඩා කාලයක් තිස්සේ ෂෙල් ලෝකය පුරා ඉහළම ගුණාත්මකභාවය, විශ්වාසය සහ නවෝත්පාදනය සඳහා නමක් ලබා ඇති සන්නාමයකි. තෙල් සන්නාමය, ඉන්ධන හා ලුබ්‍රිකන්ටස් ගුණාත්මක භාවය සඳහා පමණක් නොව, තිරසාර බව, තාක්ෂණය සහ ප්‍රජා සංවර්ධනය සඳහා නොසැලෙන කැපවූවකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ තුන්වන පරම්පරාවේ ඉන්ධන අලෙවිකරුවකු වන ආර්. එම්. පාර්ක්ස් ඉන්ක්,, ලෝකයේ ඉහළම බලශක්ති ලොජිස්ටික් සමාගක් වන ට්‍රයිස්ටාර් සමූහ ව්‍යාපාරය සමඟ, ඒ ප්‍රෞඩ උරුමය සමඟ ශ්‍රී ලංකාවට එළඹ එහි ඉදිරි වර්ධනය සහ සංවර්ධනය සඳහා හවුල්කරුවෙකු ලෙස එක්වීමට උද්යෝගිමත්ව බලා සිටිමු. අපට මෙම අවස්ථාව ලබා දීම ගැන ශ්‍රී ලාංකේය ජනතාවට ස්තුතිවන්ත වන අතර, ඔවුන්ට ගෞරව කරමින්, ශ්‍රී ලංකාවේ උන්නතිය වෙනුවෙන් අපි කැප වන බව ප්‍රකාශ කරමු.”
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළේ, ” ශ්‍රී ලංකාව තුළ ෂෙල් සන්නාමය සහිත ඉන්ධන පිරවුම්හල් දියත් කිරීම වැදගත් සංධිස්ථානයක් වන අතර, ඉන්ධන හිඟයකට මුහුණ දී සිටි රටකට විශ්වාසදායක ලෙස ඉන්ධන බෙදා හැරීමේ විකල්පයන් සපයයි. බෙදා හැරීමේ සහ සේවා විශිෂ්ටත්වයේ කීර්තිමත් ප්‍රමුඛයෙකු වන කැලිෆෝනියාවේ ආර් එම් පාර්ක්ස් ඉන්කෝපරේෂන් ආයතනය සමඟ මෙහෙයවනු ලබන මෙම හවුල්කාරිත්වය ලොව පුරා බලශක්ති අභියෝග සඳහා ඇමරිකානු ව්‍යාපාරයන් විසඳුම් සපයන ආකාරය විදහා දක්වයි. රැකියා උත්පාදනය, අඛණ්ඩ සහ ස්ථාවර ඉන්ධන සැපයුම, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ස්ථාවරත්වයට මෙම ප්‍රයත්නය සහාය වනු ඇත.”
සෙල් මොබ්ලිහි බලපත්‍රලාභී වෙළඳපොලේ සාමාන්‍ය අධිකාරි ෆ්ලෙයා රිබෙයිරෝ පෙස හා මහත්මිය මෙසේ පැවසුවාය: ” මේ විවෘත වන්නේ ඉදිරි මාස සහ වසර කිහිපය තුළ විවෘත වීමට නියමිත ඉන්ධන පිරවුම්හල් සමුදායේ ප්‍රථම පිරවුම්හලයි. ශ්‍රී ලංකාවේ නගරවල සහ ප්‍රධාන මං මාවත්වල ෂෙල් සන්නාමය දැකීමට අපි නොඉවසිල්ලෙන් බලා සිටිමු. ලොව පුරා රියදුරන් අතරින් දිනපතාව මිලියන 33 ක් පමණ රියදුරන්
ෂෙල් සේවා මධ්‍යස්ථාන වෙත පැමිණෙනවා. ඒ, දියනෙන් දින වැඩි දියණුවෙන අනර්ඝ තත්ත්වයේ ඉන්ධන මෙන්ම, සුහද පිළිගැනීමක් සමඟම සුවපහ සිය සේවා දායකයින්ට පහසුකම්, 103% පවෙකයක් ලබා ගැනීමටයි. තෙල් සේවා මධ්‍යස්ථාන හා ගැනීමට විවිධ දෑ මෙම මධස්ථාන ලබා දෙ