අල්ලස් ලබාදීමට උත්සාහ කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ භාර්යාව ලබන මස 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් මෙන්ම සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරම හමුවේ ඉදිරිපත් කළ කරුණු දීර්ඝ වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.



























