‘සිලි බෑග්’ නොමිලේ ලබා දීම අත්හිටුවමින් අති විශේෂ ගැසට් පත්‍රයක්

සිලි සිලි බෑග් නොවැම්බර් 01 වැනිදා සිට නොමිලේ ලබා දීම අත්හිටුවමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතලීන් සහ රේඛිය අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතලීන් මළු පාරිභෝගිකයින්ට නොමිලේ ලබා දීම නොකළ යුතු බව ගැසට් නිවේදනයේ දැක්වේ.
එමෙන්ම එම බහාලුම් මළු සඳහා අය කරනු ලබන මුදල වෙළෙන්දන් විසින් පාරිභෝගිකයාගේ බිල්පතෙහි සඳහන් කළ යුතුයි.
සිලි සිලි බෑග් සඳහා අය කර ගනු ලබන මිල අදාළ වෙළද ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බව ද ගැසට් නිවේදනයේ දැක්වේ.

What's your reaction?

Related Posts

1 of 1,270

Leave A Reply

Your email address will not be published. Required fields are marked *