නීති විරෝධී ලෙස පිරමීඩ ආකාරයේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් මුදල් වංචා කිරීමේ සිදුවීමකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මගින් අත්අඩංගුවට ගෙන ඇත.අදාළ ජාවාරම මෙහෙයවීම, ප්‍රචාරණය කිරීම සහ ඊට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් පසුව ඊයේ (03) මීගමුව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් තිඹිරිගස්කටුව සහ මීගමුව ප්‍රදේශවල පදිංචි 45 සහ 59 යන වයස්වල පසුවන්නන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



























