ඉන්දියාවේදී අභාවප්‍රාප්ත වූ නාවික හමුදා නිලධාරියාගේ දේහය දිවයිනට

ඉන්දියාවේදී හදිසියේ අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමාණ්ඩර් සමීර සමරකෝන් මහතාගේ දේහය විශේෂ ගුවන් යානයකින් දිවයිනට රැගෙන විත් තිබේ. ඒ මහතා ‘BIMSTEC-2026’ සමුද්‍රීය ආරක්ෂක අභ්‍යාසයට සහභාගී වූ ‘ගජබාහු’ නෞකාවේ ජ්‍යෙෂ්ඨ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු නිලධාරියා ලෙස කටයුතු කළේය.​අන්දමන් සහ නිකොබාර් දූපත්හි ශ්‍රී විජයපුරම් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත විය. දේහයට ඉන්දීය නාවික හමුදාව සහ ‘ගජබාහු’ නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් අවසන් ගෞරවාචාර දැක්වීමෙන් අනතුරුව, ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් මෙරටට එවන ලදී.​2006 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වූ කොමාණ්ඩර් සමීර සමරකෝන්, දක්ෂ මෙන්ම කැපවීමෙන් කටයුතු කළ නිලධාරියෙකි. ඔහු වෙනුවෙන් පූර්ණ නාවික හමුදා උත්තමාචාර සහිතව අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,407

Leave A Reply

Your email address will not be published. Required fields are marked *