සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

වත්මන් සාමාජිකයන් වෙත සැපයෙන සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ පවත්නා සාමාජික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. විශ්‍රාම වැටුප් හිමිකම් නොමැති පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයන්හි සේවකයන්ට සූරක්ෂිතතාව සැලසීම උදෙසා පිහිටුවන ලද මෙම අරමුදලේ පරිපාලන කටයුතු කම්කරු කොමසාරිස් ජනරාල්වරයා යටතේ සිදු වන අතර, එහි භාරකාරීත්වය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සතුවේ.​නූතන සාමාජීය, ආර්ථික හා තාක්ෂණික වෙනස්කම් හමුවේ පැනනගින අභියෝගයන්ට සාර්ථකව මුහුණදෙමින්, සාමාජිකයන් මුහුණදෙන අපහසුතාවන් අවම කිරීම මෙම සංශෝධනයන්ගේ ප්‍රධාන අරමුණයි. ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ යෝජනාද සැලකිල්ලට ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුව සකස් කළ මූලික කෙටුම්පත පදනම් කරගෙන, අදාළ සංශෝධිත පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම සඳහා කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,270

Leave A Reply

Your email address will not be published. Required fields are marked *