රෝහල් හා සෞඛ්‍ය ආයතනවල පරිපාලන හා මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමේ අරමුණින් සේවා කාණ්ඩ හතරක් යටතේ නව නිලධාරීන් 223 දෙනෙකුට පත්වීම් ප්රදානය කිරීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.මෙහිදී රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර, ගබඩාකරු, සුළු සේවා පාලක සහ සෞඛ්‍ය කාර්ය සහායක යන තනතුරු සඳහා මෙම පත්වීම් පිරිනැමුණු අතර, දේශපාලන බලපෑම්වලින් තොරව සැබෑ මානව සම්පත් අවශ්‍යතා මත පමණක් මෙම බඳවා ගැනීම් සිදුකළ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.සෞඛ්‍ය සේවයේ පවතින මානව සම්පත් හිඟයට පිළියම් යෙදීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටු නිර්දේශ මත මෙම බඳවා ගැනීම් ක්‍රියාත්මක කර ඇති බවත්, මේ මස අවසන් වීමට පෙර ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරුන් 1,600ක් බඳවා ගැනීමටද නියමිත බවත් ඔහු සඳහන් කළේය.නව පත්වීම්ලාභීන්ට රජයේ වැටුප් සංශෝධනවල ප්රතිලාභ හිමිවන බව පැවසූ අමාත්‍යවරයා, මහජන මුදල් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව තම රාජකාරිය ඉටු කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.



























