ධනංජය සහ මෙන්ඩිස් රාවල්පින්ඩි ගෞරව නාම පුවරුවට

පාකිස්ථානයට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ ගෞරවනීය නාම ලේඛනයට (Honours Board) ඇතුළත් කර තිබේ.​ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නව නායකයා ලෙස පත්වූ කුසල් මෙන්ඩිස්, එම වගකීම භාරගත් පළමු තරගයේදීම ලකුණු 119ක අනගි ඉනිමක් ක්‍රීඩා කළේය. එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11 වැනි ශතකය ලෙස සටහන් විය.​එමෙන්ම, හිටපු නායක ධනංජය ද සිල්වා ද පාකිස්තාන පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 167ක් රැස් කළ අතර, එය ඔහුගේ 14 වැනි ටෙස්ට් ශතකය ලෙස වාර්තා විය.​මෙම සුපිරි පිතිකරුවන් දෙදෙනාගේ මෙම සුවිශේෂී ඉනිම් හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු සටහන දැවැන්ත මට්ටමකට ගෙන ඒමට හැකි විය.

What's your reaction?

Related Posts

1 of 1,438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *