හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම වැල්වැටිතුරෙයි නගර සභාවේ හිටපු සභාපතිවරයෙකු ද වූ එම්.කේ. සිවාජිලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 69 වැනි වියේ පසුවූ ඒ මහතා කලක් තිස්සේ පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (14) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇත.2001 සහ 2004 මහ මැතිවරණවලදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු, උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස ද සේවය කළේය.පසුකාලීනව වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති ධුරය ද හෙබවූ සිවාජිලිංගම් මහතා උතුරේ දේශපාලන ක්‍රියාකාරකම්වල සක්‍රීය භූමිකාවක් ඉටු කළ අයෙකි.



























