අද දිනයේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ සුළං

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ වලාකුළින් බර කාලගුණික තත්ත්වයක් පවතින අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විශේෂයෙන් සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇදහැලීමේ හැකියාවක් පවතී.​මේ අතර උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත් හරහා පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් හමන තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකිය. සක්‍රිය වී ඇති මෙම කාලගුණික වෙනස හේතුවෙන් තද සුළං සුලබව වාර්තා විය හැකි බවට බලධාරීන් පෙන්වා දෙයි.​ගිගුරුම් සහිත වැසි හටගන්නා අවස්ථාවලදී ඇතිවිය හැකි ක්ෂණික තද සුළං සහ අකුණු අනතුරු මගින් සිදුවන හානි අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,275

Leave A Reply

Your email address will not be published. Required fields are marked *