අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්

අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට (22) පෙ.ව. 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. තුරුවිල ජල පිරිපහදු මධ්‍යස්ථානයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවේ.​මේ අනුව විජේපුර, පාලඩිකුලම, නෙළුම් කුලම, කවරක්කුලම, නාච්චාදුව, හිදෝගම, තුරුවිල, නෙල්ලිකුලම, තලාව, ශ්‍රාවස්තිපුර සහ දෙකේ කණුව යන ප්‍රදේශවලට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ඇත. මීට අමතරව අනුරාධපුර නගර අදියර II සහ III යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත.​මෙමගින් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළකරන ජල සම්පාදන මණ්ඩලය, අවශ්‍ය ජලය රැස්කරගෙන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,389

Leave A Reply

Your email address will not be published. Required fields are marked *