අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පිහිටි දන්සැල් භූමියේදී භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් සංවිධානය කර තිබූ සත්යග්රහ ව්‍යාපාරයක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව මෙම විරෝධතාව පවත්වා තිබේ.සත්‍යග්‍රහයේ නිරත වූ පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගැනීමත් සමඟ දෙපිරිස අතර නොසන්සුන්තාවක් ඇති වී පසුව එය ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වේ.සිද්ධියට අදාළව සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය මගින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.



























