අනුරාධපුර වෛද්‍යවරියගේ නඩුවේ සැකකාර හිටපු සෙබළාගේ ඇප අවලංගු කෙරේ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට නිල නිවස තුළදී බරපතළ ලිංගික අපරාධයක් සිදුකිරීමේ චෝදනාව මත දැඩි ඇප කොන්දේසි යටතේ මුදාහැර සිටි හිටපු යුද හමුදා සෙබළාගේ ඇප අවලංගු කිරීමට අනුරාධපුර මහාධිකරණය නියෝග කර තිබේ. උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක මහතා විසින් අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.​ඇප මත සිටියදී තවත් එවැනිම අපරාධයක් සිදුකළ බවට එල්ල වූ චෝදනා මත ගල්නෑව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හරහා දැනටමත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පෙර නියම කළ ඇප කොන්දේසි කඩ කර ඇති බැවින් ඔහුගේ ඇප අවලංගු කරන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිමාලි ජයනෙත්ති මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, විත්තියේ නීතිඥ සුරංග මොහොට්ටි මහතා ද ඔහු දැනට රිමාන්ඩ් භාරයේ පසුවන බව තහවුරු කළේය.​කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුගේ ඇප අවලංගු කිරීමට පියවර ගත් අතර, මෙම නඩුවේ සිව්වන සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක මෙන්ම රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ද පැමිණිල්ල වෙනුවෙන් පැයකට අධික කාලයක් සාක්ෂි ලබා දුන්නාය.

What's your reaction?

Related Posts

1 of 1,427

Leave A Reply

Your email address will not be published. Required fields are marked *