ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ජාත්‍යන්තර සහයෝගිතාව පුළුල් කිරීම සහ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ගෙන ඒමේ අරමුණින්, මෙරට විශ්වවිද්‍යාල හතරක් විදේශීය උසස් අධ්‍යාපන ආයතන කිහිපයක් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය ලැබී ඇත.මෙම වැඩපිළිවෙළ යටතේ කොළඹ විශ්වවිද්‍යාලය ඉන්දියාවේ මනිපාල් උසස් අධ්‍යාපන ඇකඩමිය සමඟ ද, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තායිලන්තයේ මහ මකුට් බෞද්ධ විශ්වවිද්‍යාලය සමඟ ද ශාස්ත්‍රීය හා පර්යේෂණ කටයුතු වෙනුවෙන් ගිවිසුම්ගත වීමට නියමිතය. ඊට අමතරව මොරටුව විශ්වවිද්‍යාලය චීනයේ Xi’an Jiaotong-Liverpool විශ්වවිද්‍යාලය සහ ස්පාඤ්ඤයේ Universitat La Salle සමඟ පර්යේෂණ සහයෝගිතා ගිවිසුම්වලට එළඹෙනු ඇත.එමෙන්ම, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ රාජකීය මෙල්බර්න් තාක්ෂණ ආයතනය (RMIT) අතර පර්යේෂණ පුහුණු වැඩසටහන් සහ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු වෙනුවෙන් වෙන වෙනම ගිවිසුම් දෙකකට එළඹීමට ද මෙමගින් අවස්ථාව සැලසේ.



























