ඉන්දුනීසියාවේ පැපුවා හි ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවට අයත් පැපුවා (Papua) පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රික්ටර් මාපකයේ 5.1ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූ කම්පනය හටගෙන තිබේ.​ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා ඒජන්සිය (BMKG) සඳහන් කළේ මෙම භූ කම්පනය ඉන්දුනීසියාවේ සර්මි (Sarmi) දිස්ත්‍රික්කයේ සිට මුහුදු පතුළේ කිලෝමීටර් 40ක ගැඹුරකින් කේන්ද්‍රගත වී ඇති බවයි.​කෙසේ වෙතත්, මෙම ස්වාභාවික විපත හේතුවෙන් මෙතෙක් කිසිදු ජීවිත හා දේපළ හානියක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එසේම, මෙම භූ කම්පනයෙන් අනතුරුව කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව ද පැවසේ.

What's your reaction?

Related Posts

1 of 727

Leave A Reply

Your email address will not be published. Required fields are marked *