කඩිනමින් පළාත් සභා ඡන්දය පවත්වන්නැයි මැතිවරණ සංවිධානවලින් බලපෑම්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව මෙතෙක් කිසිදු ධනාත්මක සූදානමක් පෙන්නුම් කර නොමැති බව පෙන්වා දෙන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ අදාළ පාර්ශ්ව, එය වහාම පවත්වන ලෙස බල කර සිටියි.​පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ දේශපාලන බලය රඳවා ගැනීමේ පරමාර්ථයෙන් පෙර පැවැති ආණ්ඩු මෙන්ම වර්තමාන පාලකයන් ද මෙම මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට කටයුතු කරමින් සිටින බවයි. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ පළාත් සභා ඡන්දය මේ වන විට “බාලගිරි දෝෂයට” ලක්වී ඇති බවයි.​ජනතා නියෝජිතයන් නොමැතිව පළාත් සභා ආණ්ඩුකාරවරුන්ගේ සෘජු පාලනය යටතේ පවත්වාගෙන යෑම ජනතා අයිතිවාසිකම් බරපතළ ලෙස කඩවීමක් සහ අපරාධයක් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,265

Leave A Reply

Your email address will not be published. Required fields are marked *