කුකුල් චමින්ද හා බිරියන් දෙදෙනා රිමාන්ඩ්

වැලිඔය, කල්‍යාණපුර ප්‍රදේශයේදී දැරියකට අමානුෂිකව පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කුකුල් චමින්ද සහ සැකකාරියන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ඊයේ (05) අලුයම පුල්මුඩේ, අරිසිමලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූ අතර පදවිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඔවුන් ජුනි මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

පහරකෑමට ලක්වූ දැරිය මේ වනවිට පරිවාස භාරයට පත්කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,191

Leave A Reply

Your email address will not be published. Required fields are marked *