ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක හිමිපාණන් අපවත් වෙති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක මෙන්ම ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක හිමිපාණන් වහන්සේ අපවත් වී ඇත.​කලක් රෝගාතුරුව පසුවූ උන්වහන්සේ මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන අපවත්ව තිබේ. අපවත් වන විට උන්වහන්සේ 96 වැනි වියෙහි පසුවිය.​ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙරට බෞද්ධ පුනර්ජීවනය සහ සංස්කෘතික අභිවෘද්ධිය උදෙසා උන්වහන්සේ සුවිශාල මෙහෙවරක් ඉටු කර ඇත. ආදාහන පූජෝත්සවය පැවැත්වෙන දිනය සහ ස්ථානය ඉදිරියේදී ආදාහන කමිටුව විසින් නිවේදනය කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 1,385

Leave A Reply

Your email address will not be published. Required fields are marked *