පොස්පේට් ආනයනය සඳහා බලපත්‍ර ලබාදීමට මැදිහත්වී සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ලබන ඔක්තෝබර් 09 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ හිටපු ලේකම්වරයෙකු වන ලියනාරච්චිගේ සුමතිපාල ලියනාරච්චි නමැත්තා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. කිසිදු විධිමත් ක්‍රමවේදයකින් තොරව තෝරාගත් ආයතන කිහිපයකට පමණක් බලපත්‍ර ලබාදී, එම සමාගම්වලින් අදාළ මුදල සිය බැංකු ගිණුමට බැර කරවාගෙන ඇති බව විමර්ශන අංශ අධිකරණයට පෙන්වා දී තිබේ. මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 7 දෙනෙකු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් කොමිසම වැඩිදුරටත් දන්වා ඇත.



























