ජපානයේ නැගෙනහිර වෙරළට 6.8ක භූ කම්පනයක්; සුනාමි අනතුරු ඇඟවීමක්

රික්ටර් මාපකයේ ඒකක 6.8ක ප්‍රබල භූ කම්පනයක් අද (ඉරිදා) ග්‍රීන්විච් මධ්‍යන්‍ය වේලාවෙන්(GMT) 08.30 ට ජපානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. මෙම භූ කම්පනය ඉවාතේ ප්‍රාන්තය ආසන්නයේ කිලෝමීටර 10ක (සැතපුම් 6.21) ගැඹුරකින් සිදුව ඇත. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය එම ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළ තීරය සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව ඉවාතේ වෙරළ තීරයේ මීටර 1ක් (අඩි 3.28) තරම් උසැති රළ ඇති විය හැකිය.

What's your reaction?

Related Posts

1 of 727

Leave A Reply

Your email address will not be published. Required fields are marked *